Daily News
Trending

ආදරේ වැඩි වුණාම රොෂාන්, රිද්මාට කරනදේ..




රොෂාන් පිළපිටිය සහ රිද්මා අතිනත අරගෙන තවමත් වැඩි කාලයක් නැහැ. බොහෝ අවස්ථාවන්ට මේ දෙන්නම එකට සහභාගීවන නිසා දැන් රිද්මාව නොදන්න කෙනෙකුත් නැහැ.

රොෂාන් කාර්යබහුල රංඟන ශිල්පියෙක්. ඒ වගේම ඔහු වර්තමාන රංඟන ශිල්පීන් අතර පළපුරුදු සහ දක්ෂ ශිල්පියෙක්.

පෞද්ගලික ජීවිතයේ බොහෝ හැලහැප්පීම් තිබුණත් දැන් රොෂාන් සුන්දර බිරියකගේ ස්වාමිපුරුෂයෙක්. මේ දෙන්නා කොයිතරම් ආදරයෙන් වෙලිලා ඉන්නවාද කියලා පහුගිය දවසක රිද්මා පුවත්පතකට කියලා තිබුණා.

රොෂාන් එලියට බැස්සාම තරමක නිහඬ චරිතයක්. ඒකටත් හරියන්න ගෙදරදී හරියට කතා කරනවාලු.

රොෂාන් ගැන ඔයාලා දන්නේ නැති කතාවකුත් රිද්මා හෙළි කරනවා. ඒ තමයි රොෂාන් ආගම දහමට කොයි තරම් නැඹුරු කෙනෙක්ද කියන එක. රොෂාන් දවස පටන් ගන්නේ බුදුන් වැඳලා භාවනා කළාටත් පස්සේලු.

රිද්මා කියන විදියට නම් රොෂාන් ඇයට හුඟාක් ආදරෙයි. ගොඩක් ආදරේ හිතුනම රොෂාන් මොකද කරන්නේ කියලා දන්නවද? එහෙම වෙලාවට රොෂාන් රිද්මාගේ දෙපතුල් සිඹිනවාලු. ඒක හරිම ආදරණීය විදියට දක්වන ප්‍රතිචාරයක් කියලා තමයි රිද්මා කියන්නේ. කවදා හරි දවසක තමන්ගේ දරුවන්ගේ අම්මා වෙන්නේ ඇය. අන්න ඒ ගෞරවය රොෂාන්ගේ හිතේ හැමදාටම තියෙනවාලු.

රොෂාන් – රිද්මා ආදර කැදැල්ලට ඉක්මනින්ම පුංචි දරු පැටියෙකුත් එකතු වේවා කියලා අපිත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close