Daily News
Trending

ආදරය ප්‍රකාශ කරගන්න බයයි. ඒත් ළමයි දෙන්නෙක් ඉන්නවා. – විශ්ව ලංකා

Vishwa Lanka




Vishwa Lanka Love Story Exclusive from Starfiends.lk

විශ්ව ලංකා (Vishwa Lanka) නිවේදකයෙක් වගේම රංඟන ශිල්පියෙක් ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔහු සමාජයේ කතාබහට නැගෙන සිදුවීම් සම්බන්ධයෙන් නිර්භීතව තමන්ගේ මතය කියන කෙනෙක්. ඉතින් ඒ තරම් නිර්භීත විශ්වගේ ප්‍රේම කතන්දර ගැන කියන්නයි මේ හදන්නේ.

Vishwa Lanka

දැන් නම් විශ්වට ඕන තරම් ප්‍රේම ආරාධනා ලැබෙනවා ඇති. ඒත් මේ කියන්නේ හුඟක් ඉස්සර සිදුවීම්. විශ්වට ආදරණීය හැඟුමක් ඇති වෙන්නේ පාසලේ දහය වසරේ ඉගෙන ගන්න කාලේ. අවට පාසලක යෙහෙළියක් එක්ක මේ විදියට බැඳෙන විශ්වගේ ආදරයට ආයුෂ තිබුණේ මාස හත අටක් විතරයි. ඊට පස්සෙ විශ්වගේ හිත ගෑනු ළමයෙක් ළඟ නතරවන්නේ උසස්පෙළ පන්තියේදී. ඒ ගෑනු ළමයා හිටියේ අල්ලපු පන්තියේ. බස් එකේදී බස් නැවතුමේදී මුණගැහිලා කතා කරපු මේ සම්බන්ධයත් පාසල් සමය නිමාවෙනවත් එක්ක නතර වුණා. විශ්වගේ හිත තුන්වැනි වතාවට නතර වුණේ කුලියාපිටියේ දිලුනිකා තිළිණි (Dilunika Thilini) ළඟ. ඒ ආදර සම්බන්ධය නම් විවාහයෙන් මල්ඵල ගැන්වෙනවා. ඒත් ආදරය ප්‍රකාශ කිරීමේදී ඔහු සෑහෙන අපහසුතාවට පත් වෙනවා. විශ්ව ආදරය ප්‍රකාශ කරන්න බයයි. ඉතින් විශ්වගේ හිතේ තිබුණ ආදරය දිලුනිකා දැනගන්නේ විශ්වගේම යාළුවෝ දෙන්නෙක්ගේ මාර්ගයෙන්. කොහොම හරි 2012දී විවාහ වුණ විශ්ව සහ දිලුනිකා අද වනවිට පුතාලා දෙදෙනකුගේ දෙමාපියන්.

හැම ගෑනු කෙනෙක්ටම වගේ දිලුනිකාටත් විශ්ව වෙන තරුණියකට ළං වෙද්දි දුක හිතෙනවා. ඒත් රංඟනයෙදී හැටි එහෙමනේ. ඒත් විශ්ව සහ දිලුනිකා අතර ඉතාම හොඳ අවබෝධයක් ඇතිබව විශ්ව කියනවා. විශ්වගේ ජීවිතයේ හොඳම විවේචකයාත් විචාරකයාත් වන ඇය සියයට සියයක් සාධාරණ විවේචන කරන බවත් විශ්ව කියනවා. ජීවන කටයුතුවලදී විශ්වට වඩා ඉහළින් ඇය සිටින බවත් විශ්ව කියන්නේ නිහතමානීව.

“අද මම යම් තැනක ඉන්නවා නම් ඒ දිලුනිකා නිසයි” විශ්ව තම පෙම්වතිය සහ බිරිය වූ දිලුනිකා ගැන තනි වාක්‍යයකින් කියන්නේ එලෙසය.

විශ්වගේ අම්මා ආසාවෙන් ඉඳලා තිබුණේ විශ්ව වෛද්‍යවරයකු වනු දැකීමට. නමුත් විශ්වට ඒ සඳහා ප්‍රමාණවත් ලකුණු නොලැබී යනවා. කෙසේ වුවත් අද දවසේ විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන සිටින විශ්ව සම්බන්ධයෙන් සතුටුවිය හැකි දේ බොහොමයි.

Vishwa Lanka With family
Vishwa Lanka

Vishwa Lanka Love Story Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close