Daily News
Trending

අසාමාන්‍ය මානසික රෝගයකින් පෙළෙන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි.




ඉසුරු ජනප්‍රිය රංඟන ශිල්පියෙක්. ඒකෙ විවාදයක් නැහැ. මේ කියන්න යන කතාව මාධ්‍යට හෙළිකරන්නෙත් ඉසුරුම තමයි.

ඔහු කියන විදියට ඔහුට අසාමාන්‍ය මානසික රෝගයක් තියෙනවා. ඒක තමයි ක්ෂණයකින් ඒ මොහොතේ දෙයක් අමතක වීම. මේ අමතක වීමේ රෝගය නිසා ඉසුරු සාමාන්‍ය ජීවිතයේදි වගේම වෘත්තිය ජීවිතයේදිත් සෑහෙන අපහසුතාවට පත් වෙනවා.

ඉසුරුගේ අමතක වීමේ රෝගය කොයිතරම් ද කියනවා නම් දවසක් එයා එයාගේ ජංගම දුරකථනය ෆ්‍රිජ් එකට දානවා. තව දවසක් ෆෝන් එකෙන් අයියට කතා කරන ගමන්ම ෆෝන් එක කෝ කියලා හොයනවා. මේවා නම් කමක් නෑ කියමුකෝ.

දවසක් ඔන්න ෂූටින් වලට යන්න නියමිතව තිබිලා තියෙනවා. ඉසුරු දුවගෙන ගිහිං නගින්නේ ස්කූල් වෑන් එකකට. ටික වෙලාවක් යද්දි තමයි ඉසුරුට මීටර් වෙන්නේ ඒක පාසල් ළමුන් ගෙනයන වාහනයක් කියලා.

මේ වගේ ප්‍රශ්න රාශියකට ඔහු මුහුණ දීලා තියෙනවා. ඉසුරුගේ මේ අමතකවීමේ රෝගය නිසා එක පෙම්වතියක් ඔහුව දාලා යනවලු. පෙම්වතිය ඉතිං දන්නේ නැතිව ඇතිනේ මේක මේ තරම් දුරට ගියපු තත්ත්වයක් කියලා. කොහොම වුණත් තමන්ගේ සැබෑම තොරතුරක් මේ විදියට විවෘතව කතා කරන්න ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නම් ඉසුරුට ස්තූති කරන්න ඕනේ. ඒ අතින් ඔහු අවංකයි. ඒ වගේම නිහතමානියි. භාවනාව වගේ දෙයක් ප්‍රගුණ කරලා සමාධිය වැඩි දියුණු කළොත් අමතක වීමේ තත්ත්වය නිවැරදි කරගන්න පුළුවන් වෙයි. කාර්‍ය බහුල වුණාමත් ඒ වගේ දේවල් වෙනවනේ. ඒ නිසා මානසික ආතතියෙන් මිදෙන එක තමයි හුඟක්ම වැදගත් වන්නේ.

Tags
Show More
Close