Daily News
Trending

අශිකා මල්පූජා කරපු හේතුව.-අශිකා මතසිංහ

Ashika Mathasinghe




Ashika Mathasinghe Exclusive from Starfriends.lk

අශිකා මතසිංහ (Ashika Mathasinghe) කියන්නේ සුන්දර රංඟන ශිල්පිනියක් වගේම කාර්යබහුල මවක්. ඇයට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. දරුවන් ලැබුණ පසු ගැහැණියගේ රූපය වියැකෙනවා කියලා කිව්වාට ආශිකා තවමත් හරිම සුන්දර තරුණියක්. ඒකට හේතුව මොකක්ද දන්නවාද?

ආශිකා (Ashika Mathasinghe) කියන්නේ ලස්සන වෙන්න නම් කරුණාව දයාව සහිත හදවතක් තියෙන්න ඕනේලු. හදවත පිරිසිදු වුණාම මුහුණත් ලස්සන වෙනවාලු.

ඒ විතරක් නෙමෙයි අශිකා ලස්සන වෙන්න බලපාපු තව කාරණාවක් තියෙනවා. මතකද ඉස්සර අපිට අපේ වැඩිහිටියන් කියපු කතාවක්? ලස්සන මල් ගොඩාක් බුදු හාමුදුරුවන්ට පූජා කළාම ලස්සන වෙනවා වගේම ලස්සනවෙලා ඉපදෙනවා කියලා. දහම්පාසැල් යන දරුවන්ව උනන්දු කරන්න වැඩිහිටියන් එහෙම කියනවා. ඉතින් අශිකා පුංචි කාලේ ලස්සන මල්වට්ටියක් හදලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කළාලු.

ඇත්තටම දැන් අශිකා (Ashika Mathasinghe) ලස්සනයිනේ. ඇයගේ ස්වාමිපුරුෂයත් ඇයව ඕනම තැනකට යද්දී ලස්සනට හැඩට එක්කරගෙන යන්න කැමතියිලු. එහෙම ගියාම ස්වාමිපුරුෂයා ගේ යාළුවන් , ඥාතීන් අශිකාගේ ලස්සන ගැන වර්ණනා කරනවා අහන්නත් ඔහු කැමතියිලු. අශිකාගේ පුංචිම පුතාට වයස අවුරුදු 3යි. එයා අශිකාගේ බෙල්ල බදාගෙන මගේ අම්මා අද හරී ලස්සනයි කියනකොට අශිකාට දැනෙන සතුට කියලා නිමකරන්න බැහැලු.

ලස්සන කියන්නේ පූරුවේ පිනට හිමිවෙන දෙයක්. ඒ නිසා මේ ජීවිතයේ කරුණික හදවතක් එක්ක කාටවත් වරදක් නැතිව ජීවත් වෙන්න කියලා තමයි අශිකා කියන්නේ.

Ashika Mathasinghe Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close