Daily News
Trending

අශාන්තිගේ Hidden Talent එක.

Ashanthi De Alwis




Ashanthi De Alwis Exclusive from Starfriends.lk

අශාන්ති (Ashanthi De Alwis ) කියන්නේ භාතිය සන්තුෂ් (BNS) ගොඩනගපු සංගීත පොකුරෙන් එක්කෙනෙක්. අශාන්ති නිසා අපට ගැහැනු කටහඬකින් රැප් සෝන්ග්ස් අහන්න ලැබුණා. පස්සේ කාලෙක ඇය භාතිය සන්තුෂ්ලාගේ පොකුරෙන් මිදිලා ස්වාධින ගමනකුත් හදාගන්නවා.

හැමදාම එකම තැනක නතර වෙනවාට වඩා එහෙම ජීවිතයේ විවිධ අභියෝග ගන්න එක වටිනවානේ. ඊටත් පස්සේ අශාන්ති සහ රන්ධීර් එකට මුණගැහුණා.

මෑතකදී භාතිය සන්තුෂ්ලා ඔවුන්ගේ සංගීත දිවියේ විසිවැනි සංවත්සරය පැවැත්වූවා. ඒ උත්කර්ශවත් අවස්ථාවට භාතිය සන්තුෂ් පවුලේ සියලු සමාජිකයන් එකට එකතුවෙලා තිබුණා. අශාන්ති ද ඒ අවස්ථාවෙදි ගීත ගායනයෙන් සම්බන්ධ වුණා.

ඇඟපත ටිකක් පෙනුමට හිටියාට අශන්ති වයසින් ඒ තරම් වැඩිහිටියෙක් නෙමෙයි. ඇයට සෑහෙන දුරක් යන්න තියෙනවා. අපි කා ළඟත් සැඟවුණ කුසලතා කියලා දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක් ගැන මේ කියන්න යන්නේ. අශාන්තිටත් එහෙම සැඟවුණ කුසලතා තියෙනවා. අශාන්තිට ඩ්‍රම්ස් වාදනයට යම් හැකියාවක් තියෙනවාලු. ඕනම මියුසික් ශෝ එකකදි අශාන්ති ඩ්‍රම්සෙට් එක ළඟින් ඉඳගන්න ආසයිලු. ඒත් එහෙම ඉඳගන්න හැම අවස්ථාවකම කවුරුහරි ඒකට අකුල් හෙලනවා. භාතිය සන්තුෂ්ලා පවා ඇයගේ මේ සැඟවුණ දක්ෂතාවයට මතුවන්න දෙන්නේ නැහැ. පුළුවන් දේ කරගෙන ඉන්න කියලාලු අශාන්තිට හැමෝම කියන්නේ.

ඇත්තම කතාව කියනවා නම්, ඔය කිව්වට ශෝ එකක ප්ලේ කරන තරමට ඩ්‍රම්ස් වාදනයේ හැකියාවක් ඇයට නැතිව ඇති. හැබැයි යම් හැකියාවක් ඇති. ඉතින් ප්‍රැක්ටිස් කරලා ගත්තා නම් අශාන්තිට ඩ්‍රම්ස් වාදිකාවක් විධියටත් ගමනක් තියෙනවා.

Ashanthi De Alwis Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close