Daily News
Trending

අවුරුදු හතරකට පස්සේ ශේෂාද්‍රී හඬ අවදි කරයි.

Sheshadrie Priyasad




Sheshadrie Priyasad Exclusive from Starfiends.lk

Sheshadrie Priyasad

ශේෂාද්‍රි කියන්නේ ප්‍රියසාද් පවුලේ මද්දුමයා. අක්කයි නංගියි හරි හරියට නිර්මාණවලට දායක වුණාට ශේෂාද්‍රි කාලයක් තිස්සේ හිටියේ නිහඬ වෙලා. සුළුපටු කාලයක් නෙමෙයි, අවුරුදු හතරක් තිස්සේ ඇය පුවත්පත් සාකච්ඡාවකටවත් එන්නේ නැහැ.

පෞද්ගලික ජීවිතයේ යම් යම් ප්‍රශ්නවලට කාලය හොඳම විසඳුම ලබාදෙන බව ශේෂාද්‍රි අත්දැකීමෙන්ම ඔප්පු කරනවා. දැන් ඇගේ ජීවිතය වෙනසකට සූදානම් වෙනවා. හැමදාම එකම විදියට ඉන්න ඕනේ කියන සිතුවිල්ල ඇයට නැහැනේ.

ශේෂාද්‍රී මේ දිනවල හරිම බිසී. ඒ නිර්මාණ කාර්යක් නිසා නම් නෙමෙයි. ඇය දැන් ගුරුවරියක්. දෙක ශ්‍රේණියේ දරුවන් තමයි ශේෂාද්‍රිට භාරවෙලා තියෙන්නේ. ඇය ඒ වෘත්තිය හරිම සතුටින් කරගෙන යනවාලු. පොඩි දරුවන් ද ශේෂාද්‍රිට හුඟාක් එකතුයි කියලත් ඇය කියනවා.

ශේෂාද්‍රි කලා නිර්මාණයකට කියලා මෑතකදී කරන්නේ ප්‍රවීණා නාට්‍යයට හඬකවන එක. කොහොමටත් ශේෂාද්‍රී ප්‍රතිපත්තියක් විදියට ටෙලි නාට්‍යවල රඟපාන්නෙත් නැහැනේ.

ඉතින් ශේෂාද්‍රි කාලෙකට පස්සේ මාධ්‍යයට මේ විදියට අදහස් දක්වනවා. ඇයගේ ජීවිතයේ අලුත් වෙනස්කම් හැම එකක්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අක්කා නගෝ තුන්දෙනාගේ නිර්මාණයක් දකින්නත් අනාගතයේ දවසක අවස්ථාව ලැබෙයි කියලා අපි හිතනවා.

 

Sheshadrie Priyasad Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close