Daily News
Trending

අලුත් අවුරුද්දේ තාරුකාට පෑයූ මඟුල් තරුව.Exclusive Photos

Tharuka Wanniarachchi




Tharuka Wanniarachchi Exclusive from Starfriends.lk

තාරුකා වන්නිආරච්චි (Tharuka Wanniarachchi). මේ නම කිව්ව සැනින් ඔයාලාගේ මතකයට නැගෙන සුන්දර යුවතිය හා හා පුරා කියලා උදා වූ අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම මංඟල ගමන ඇරඹුවා.

රංඟන ශිල්පිනියක ලෙස ඉතා ඉහළ දක්ෂතාවක් පෙන්වා ඇති තාරුකා (Tharuka Wanniarachchi) සිනමාවේ දී වඩාත් කැපී පෙනුන චරිතයක්. පසුගිය දිනවල පුංචි තිරයට මෙන්ම රියැලිටි වේදිකාවටත් තාරුකාගේ දීප්තිය අඩු නැතිව ලැබී තිබුණා. ‌ ඓතිහාසික කතා තේමාවල් රැගත් නිර්මාණ බොහොමයකට තාරුකා වන්නිආරච්චිගේ (Tharuka Wanniarachchi) රූපය ගැලපුණා සේම ඇය ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු සිනමා කෘතියේ වීර විහාරමහාදේවිය වන්නට තරම් වාසනාවන්ත වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අලි කතාව නම් සිනමා කෘතිය සඳහා ඔහුගේ තෝරාගැනීම වූයේ ද තාරුකා වන්නිආරච්චි. මෙලෙස නිර්මාණාත්මක සහ ජනප්‍රිය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වන්නට වාසනා කළ තාරුකා හිටිහැටියේ විවාහ වූ අපූරු පුවත මුලින්ම වාර්තා කරන්නේ නළු නිළියන්ගේ ගොසිප් පිළිබඳව හොඳින්ම දන්නා නිවේදකයකු වන රංඟන ද සිල්වා. රංඟන ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවේ තාරුකා සමඟ ගත් සෙල්ෆි ඡායාරූපයක් සමඟින් ඇයට සුබ පතා මේ සතුටුදායක පුවත හැමොටම දැනගන්නට සළස්වා තිබුණා. ඔහු සඳහන් කර තිබුණ පරදි ඒලෙස සිදුව තිබුණේ තාරුකාගේ විවාහ ගිවිස ගැනීම. කෙසේ වුණත් ඇය එම අවස්ථාවට මංගල ඇඳුමින් සැරසී සිටියා.

තාරුකාගේ (Tharuka Wanniarachchi) විවාහ ගිවිස ගැනීම වැඩි සද්දබද්දයක් නැතිව සිදු වුණත් විවාහ උත්සවය නම් ‌එහෙම හොර රහසේ ගන්න බැරිවෙයි. මොකද දැන් තාරුකාට ඒ ප්‍රශ්නයට හංගන්නේ නැතිව උත්තර දෙන්නම සිදුවෙනවානේ. කොහොමින් කොහොම හරි කමක් නෑ නව වසරේ ඉස් ඉස්සෙල්ලාම මංඟල සීනු හැඬවුණ තාරුකාට සුබ මංඟල්‍යයක් වේවා කියලා ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් අපි විශ් කරනවා. මේ ආරංචිය නව වසරේ විවාහ වෙන්න බලාගෙන සිටින අපේ කලාකරුවන්ට ලබා දූන් හොඳ ආරම්භයක් වේවි. බලමුකෝ තාරුකාගේ අඩිපාරේ යන ඊළඟ රංඟන ශිල්පියා හෝ ශිල්පිනිය කවුරු වේවිද කියලා.

Tharuka Wanniarachchi Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close