GossipsHollywood & Bollywood
Trending

අරියානාව ප්‍රසිද්ධියේ ස්පර්ෂ කළ ඇමරිකානු බිෂොප්ට වෙච්චි දේ….




අරීතා ෆ්‍රැන්ක්ලීන්ගේ අවමංගල්‍ය උත්සවයේ ආගමික කටයුතු මෙහෙයවූ ඇමෙරිකානු බිෂොප්වරයා එම උත්සව සභාව තුළ ප්‍රසිද්ධියේම ජනප්‍රිය ගායිකා අරියානා ග්‍රන්ඩේගේ පපු ප්‍රදේශය ස්පර්ශ කරනවා. පසුව මේ සිදුවීම සම්බන්ධයෙන් බිෂොප් වරයාට අරියානාගෙන් ප්‍රසිද්ධියේම සමාව ගන්න සිදුවුණා.

අවමංගල්‍ය උත්සවයේදී අරීතා වෙනුවෙන් ගීතයක් ගැයීමට පැමිණි අරියානා කරා පැමිණි බිෂොප්වරයා, ඇගේ ඇඟ වටා අතක් යවමින්, විනාඩි කිහිපයක් ඇගේ පපු ප්‍රදේශය ඉතා දැඩිව ස්පර්ශ කරමින් ඉතා අශෝභන හැසිරීමක් පෙන්නුම් කර ඇති බවට චෝදනා එල්ල වුණා.

මෙම අවස්ථාවේදී අරියානා දැඩි අපහසුතාවකට පත්ව සිටි බව ඇගේ ශරීර ඉරියව් අනුව පෙන්නුම් කෙරුණත්, ආගමික නායකයෙකු හමුවේ ඇය දැඩි සංයමයකින් කටයුතු කර ඇති බවද මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් පෙන්වා දුන්නා.

කොහොම වුණත් මෙම සිදුවිම් එම අවස්ථාවේ ලබාගත් රූපරාමුවල පටිගත වී තිබුණා. ඒවා සමාජ ජාල මාධ්‍යයෙ සංසරණය වුණා. අවසානයේ ඒ සම්බන්ධයෙන් සමාව ඇයද සිටීමට චාර්ල්ස් එච්. එලිස් නමැති බිෂොප්වරයා කටයුතු කර තිබෙනවා.

“කිසිදු කාන්තාවකගේ පපු ප්‍රදේශයක් ඇල්ලීමට මා හිතාමතා කටයුතු කළේ නෑ.”

“මම ඇයට ගොඩක් සමීපව හෝ මිතුරුව කටයුතු කළ නිසා ඇතැම් විට සීමාව ඉක්මවා යෑමක් සිදුවන්නට ඇති.”

“කෙසේ වෙතත්, මා නැවත වරක් මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා.”

බිෂොප් වරයා එසේ පවසමින් ආරියානාගෙන් සමාව ඉල්ලුවා.

නමුත් අදාළ බිෂොප්වරයා කුමක් සඳහන් කළත් මෙම රූපරාමු දකින පිරිස් පවසන්නේ ඔහු හිතාමතාම 25 හැවිරිදි සුරූපී ගායිකාව ස්පර්ශ කරන බව.

මේ අතර, අදාළ අවමංගල්‍ය සභාව වෙනුවෙන් අරියානා ඇඟලාගෙන පැමිණි ඇඳුම සම්බන්ධයෙන්ද යම් විවේචනයක් එල්ල වී තිබුණා. ඇතැමුන් කීවේ එය අවමංගල්‍ය සභාවකට ඉතා කෙටි ඇඳුමක් බවයි.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close