Daily NewsHollywood & Bollywood
Trending

අමීර් අතහැරපු පවුලට දීපු සප්‍රයිස් එක.




ප්‍රශ්න එක්ක ජීවත්වෙනවාට වඩා තේරුම් අරගෙන වෙන් වෙන එක යෝග්‍යයි. විවාහය වගේම දික්කසාදයත් හොඳට හිතලා මතලා ගන්න ඕනේ තීරණයක්. ගොඩක් වෙලාවට ජනප්‍රිය චරිත අතර විවාහය වගේම දික්කසාදයත් හරිම සාමාන්‍ය තත්ත්වයක් වෙලා. ගොඩක් බොලිවුඩ් තරු විවාහය කියන අත්දැකීම කීප වතාවක්ම ගත්ත අය.

අමීර් ඛාන් කියන්නෙත් විවාහයේත් දික්කසාදයේත් පහස ලබපු බොලිවුඩ් තරුවක්. දැන් තියෙන ප්‍රවණතාවට අනුව දික්කසාදයට පසුව පවා අදාල පාර්ශ්ව අතර සුහදතාව පවතිනවා. අපේ සමිතා-අතුල පවුල ගත්තත් ඒ වගේනේ. ඒ මට්ටමට අවබෝධය දියුණු වෙනවා කියන්නේ හොඳ ප්‍රවණතාවක්.

ඉතින් අමීර් ඛාන් විවාහවෙලා සිටියේ රීනා දත් එක්ක. ඔවුන්ගේ දියණිය අවන්තිකා. අමීර් විවාහයෙන් ඈත් වුණා කියලා සම්බන්ධතාවලින් ඈත් වුණේ නැහැ. බැඳීම්වලින් එහෙම නිදහස් වෙන්නත් බැහැ. ඉතින් මෑතකදි දවසක අමීර් සහ ඔහුගේ කලින් කසාදයේ වයිෆ් වූ රීනා සහ ඔවුන්ගේ දියණිය යන තිදෙනාම ආහාර වේලකට එලියට යනවා. එහෙම ගියපු අමීර් ඔවුන්ගේ ඡායාරූප පවා අන්තර්ජාලයට මුදාහරිනවා .

අමීර් සටහනක් එක් කරමින් කියලා තිබුණේ, කාලෙකට පස්සේ ඉතාම ප්‍රණීත ආහාර වේලක රස බලන්න ලැබුණා කියලා. ඒ වගේම ඔවුන් ආහර ගත් හෝටලයේ අතුරුපස ඉතාම රසවත් වූ බවත් ඔහු මාස් පතා එම හෝටලයට පැමිණීමට අදහස් කළ බවත් ඔහු සටහන් තබනවා.

සම්බන්ධතාවල ගැඹුර තේරුම් ගන්න අමීර්ගේ මේ හමුවීමම ප්‍රමාණවත් නේද?

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close