Daily News
Trending

අමිල ලංකාවේ වෙබ් සයිට් වලට කරන වැඩේ.




වසර ගණනාවක් පුරාවට පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා වුනේ අමිල අබේසේකර. දිගින් දිගටම ඔහුට මේ අහිංසක ප්‍රේමවන්තයාගේ චරිතෙන් නම් මිදෙන්න බැරි උනා. හැබැයි දැන් ටිකක් අමිල නිතරම රූපවාහිනියේ පේන්න නැහැ. කලාතුරකින් තමයි අමිලව අපට මුනගැහෙන්නේ.

පසුගියදා මාධ්‍යවේදියෙක් අහනවා අමිලට මේ රටේ නායකයා වෙන්න අවස්තාව ලැබුනොත් මොකද කරන්නේ කියලා. අමිල කියනවා ඔහු නායකයා වුන ගමන්ම කරන පළවෙනිම වැඩේ මේ රටේ තියෙන ගොසිප් වෙබ් සයිට් ටික තහනම් කරලා දාන එක කියලා. රටක් විදියට ඉදිරියට යන්න බැරි එකම බාධාව ගොසිප් සයිට් කියලා තමයි අමිල කියන්නේ. ගොසිප් සයිට් අමිලගේ මේ කතාවට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලනම් අපි දන්නේ නැහැ.

ඒ වගේම අමිල කියලා තිබුනා කෙනෙක්ගේ දියුනුව දැකලා සතුටු වෙන්න බැරි මිනිස්සු ටිකක් තමයි ලංකාවේ ඉන්නේ කියලනම්. ඒ කතාවේ නම් ඇත්තක් නැත්තෙම නෑ කියල තමයි අපිට කියන්න තියෙන්නේ.

Tags
Show More
Close