Daily News
Trending

අම්මා තාත්තා කිව්වත් නොකරපු දේවල් අධ්‍යක්ෂවරු කිව්වම කරන්න වෙලා -කුමාර තිරිමාදුර




නළුකම හෙනම ලේසියි කියලා හිතුවට ඒක ඒ හැටි ලේසි පහසු කාර්යයක් නෙමෙයි. හරියාකාරව චරිතයකට ආරූඪ වෙනවා නම් පුදුම කට්ටක් තමයි කන්න වෙන්නේ.

කුමාර තිරිමාදුරලා වගේ නළුවෝ නම් ඉතින් චරිතයකට ආවේශ වෙන හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රංඟනය බොක්කෙන්ම කරන නළුවෙක් විදියට තමයි කුමාර ගැන මිනිස්සු දන්නේ.

මේ දවස්වල කුමාර ඉන්නේ කොන්ඩේ කපලා පැත්තට පීරලා. මේ ගැන ඇහුවම කුමාර තිරිමාදුර හරි අපූරු කතාවක් කියනවා.

අම්මා තාත්තා කිව්වත් නොකරපු දේවල් අධ්‍යක්ෂකවරු කිව්වම කරන්න සිදු වෙලා තියෙනවා කියලා තමයි කුමාර කියන්නේ. ඉස්සර ගෙදරින් කොන්ඩේ කපන්න කියලා කොයිතරම් කිව්වත් කොන්ඩේ කපපු නැති කුමාර දැන් අධ්‍යක්ෂවරයෙක් කියපු සැනින් අධ්‍යක්ෂකට අවශ්‍ය විදියට කොන්ඩ විලාසිතාව වෙනස් කර ගන්නවා. ඕක තමයි නළුකමේ හැටි. අධ්‍යක්ෂක බලාපොරොත්තු වන දේ දෙන්න එපැයි ඉතින්.

මේ දවස්වල කුමාර ඉන්නේ එයාලගේම මෙගා වැඩක. ඒක ෆිල්ම් එකක්. නම “ද නිවුස් පේපර්”. සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි එකතු වෙලා තමයි මේ තිර පිටපත ලියන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නෙත් මේ දෙන්නා. ප්‍රධාන චරිත රඟපාන්නෙත් මේ දෙන්නමයි. ඒක නිසා මේ වැඩේ නම් එක්තරා විදියක සුවිශේෂී එකක් කියලා කියන්න ඕනේ.

දන්නවද ‘ද නිවුස් පේපර්’ මේ වෙද්දී සංස්කරණ කටයුතු වලටත් යොමු කරලාලු තියෙන්නේ. කොහොම වුණත් කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි එකතු වෙලා කරන වැඩක් නිසා මේක අනිවාර්යයෙන්ම හොඳ වැඩක් වෙන්න ඕනේ.

Tags
Show More
Close