Daily News
Trending

අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් පෙබරවාරි 02

Api Nodanna Live




Api Nodanna Live Exclusive from Starfriends.lk

පොඩි මල්ලියි චූටි මල්ලියි ලංකාවේ ප්‍රහසන කලාවට අලුත් ආරක් හඳුන්වලා දුන්නා. ඒ අනන්‍යතාව මේ තාක් රැකගෙන එන්න ඔවුන් සමත් වුණා.

ඉල ඇදෙනකල් හිනස්සවපු අපි නොදන්න ලයිව් වැඩසටහන ඔයලාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. දැන් ඒ වැඩසටහන ගොඩක් දුර ඇවිත්. පොඩි මල්ලිලා චූටි මල්ලිලා ලොකුයි දැන්. පහුගිය වසරේ මේ දෙන්නා සජීවීව ඔවුන්ගේ රසික රසිකාවන් ඉස්සරහට ආවා. ඒ අවස්ථාව සියැසින් දැකගන්න අති විශාල සෙනගක් ඇවිත් හිටියා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශාල ප්‍රේක්ෂාගාරය පිරිලා ඉතිරිලා ගිහින් සමහරුන්ට හැරිලා යන්නත් සිදුවුණා. ඒ තරම් ආකර්ශනයක් ඔවුන් දිනාගෙන ඉන්නවා. ඉතින් මේ අත්දැකීම ආයෙත් වතාවක් ඔයාලට ලබාගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

අපි නොදන්න ලයිව් ඔන් ස්ටේජ් ප්‍රහසනාත්මක වැඩසටහන පෙබරවාරි 02 වැනිදාට BMICH එකේ දි පැවැත්වෙනවා. ඇත්තටම මේක stand up comedy show එකක්. Talk show එකක් විධියට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඇස් ඉස්සරහා ඉන්න ප්‍රේක්ෂාගාරයක් හිනස්සවන එක පහසු කාර්‍යයක් නෙමෙයි. එදාට වැඩේට ගිහිල්ලාම තමයි ඒ ආස්වාදය ගන්න වෙන්නේ.

සුනෙත් සහ ගාමින්ද තමයි මේ විදියට ඔයාලාව හිනස්සවන වගකීම ගන්නේ. ඒ සඳහා ඔවුන් දෙපැත්ත කැපෙන වචන හෝ අසභ්‍ය විහිළු පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තටම විනයක් ඇතුලේ මිනිස්සු හිනස්සවන හැටි පෙන්වලා දුන්නේ පොඩි මල්ලියි චූටි මල්ලියි. මේ වෙද්දි ඔවුන් දෙදෙනා චිත්‍රපටයකුත් කරලා තියෙන්නේ. ඉදිරියෙදි දිනක අපිට ඒ නිර්මාණයත් රසවිඳින්න ලැබේවි.

ඊට කලින් පෙබරවාරි දෙවැනිදාට BMICH පැත්තේ ගිහින් එන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.

Api Nodanna Live Exclusive from Starfriends.lk

 

Tags
Show More

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close