Daily News
Trending

අනූෂා දමයන්තිගේ විවාහය ලබන අවුරුද්දේ. පෙම්වතා රහසක්.




අනූෂා දමයන්තිගෙන් කවුරු කවුරුත් නිතර අහපු ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙන්න යන බව අපිට දැන ගන්න ලැබුණා. ඔන්න අනූෂාගේ බාලගිරි දෝෂය නිමා වෙන්නයි යන්නේ.

ඒ ඇයි දන්නවද? ඇය ලබන අවුරුද්දේ නම් අනිවාර්යෙන්ම විවාහ වෙනවලු. දැන් ගෙදරිනුත් බරබරේලු. විවාහ වෙන්නේ කා එක්කද කියන ප්‍රශ්නෙට නම් අනුෂා හරීම සූක්ෂම උත්තරයක් තමයි දෙන්නේ.

මේකයි කතන්දරේ. ඇය දැන් පෙම්වතියක්. ඒ වුණාට පෙම්වතා ගැන කියන්න නම් ඇය හදිසි වෙන්නේ නැහැ. ඒක සුන්දර රහසක්.

මේ දවස්වල අනූෂා නර්තන කණ්ඩායමක් හදන්න මහන්සි ගන්නවා. ඉදිරියේදී ඔයාලට අනූෂාගේම නර්තන කණ්ඩායමක් දැක ගන්න ලැබේවි.

කොහොම වුණත් ඉතාම ආදරණීය රංඟන ශිල්පිනියක් නිසා අපි අනුෂා ගැන හරි උනන්දුයි. ඒ නිසා ඇගේ දියුණුව දිහා අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා.

Tags
Show More
Close