Daily News
Trending

අනූෂාගේ විවාහ මංගල්‍යය වෙන්නේ මෙහෙමයි.




මේ අවුරුද්ද උදා වන්නේම කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක්ට මංගල සීනු හඬවමින්. රෝහිත-ටටියානා, මාධවී, ජැක්සන්, සජිත්, නෙතූ, දර්ෂන ප්‍රමෝද්, තාරුකා, මංජුල මොරගහ ආදී කිහිප දෙනෙක්ම මේ වසරේ දී විවාහ මංගල උත්සවය ගත්තා.

කවුරුත් කාලයක් තිස්සේ බලාගෙන සිටින තවත් එවැනිම විවාහ මංගල්‍යයක් මේ වසරේ දී සිදුවන බව අපි ඔයාලාට කලින්ම කිව්වා. ඇය තමයි අනූෂා දමයන්ති. අනූෂාගේ විවාහ මංගල්‍යයේ වැඩි බරක් කරට අරගෙන තියෙන්නේ චන්දිමාල් ජයසිංහ. මාධවී වත්සලාව ලස්සනට හැඩ කරලා තිබුණෙත් චන්දිමාල් ජයසිංහ තමයි.

තමාගේ ඊළඟ මනාලිය වන්නේ අනූෂා දමයන්ති බව චන්දිමාල් ෆේස්බුක් සටහනක් පළකරමින් සඳහන් කර තිබුණා. මේ දවස්වල මංගල්‍යයට කඩිමුඩියේ සූදානම්වන බව අනූෂා පුවත් පතකට පවසා තිබුණා.

මං විවාහය කල් දාපු කෙනෙක්. ජීවිතය පුරාවට විවාහ වෙනනේ නෑ කියලා හිතපු දවසුත් තිබුණා. ඒත් දෛවය ඒකට ඉඩ දුන්නේ නැහැ.

මෙහෙම කියන්නේ අනූෂා දමයන්ති. කවුරුත් බලාගෙන සිටි පරිදි ඇයගේ විවාහ මංගල්‍යය මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතයි ලු. අනුෂාගේ අත ගන්නේ ඇයගේ රසිකයෙක්. මේ සම්බන්ධයට දැන් වසර 10ක් පමණ වෙනවා. මේ කාලය ඇතුලත ඔවුන් යාළුවෙවී තරහා වෙවී තමයි ඉඳලා තියෙන්නේ. ඉඳලා හිටලා වලියක් නොගියොත් ඒ ආදරයේ කිසි ගතියක් නෑ කියලා කියනවානේ. කොයිතරම් වලි දාගත්තාත් අනූෂා සහ ඔහු වසර 10ක් එකිනෙකා අත නොහැර ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දෙන්නා විවාහ වෙන්නත් යන්නේ.

අනූෂා දමයන්ති කියන්නේ නර්තනයට ඉතාම දක්ෂ කෙනෙක්නේ. මේ නිසා ඇයගේ විවාහ මංගල්‍ය අවස්ථාව නැටුම් ගැයුම් වලින් සපිරුණ එකක් වනු ඇති බවයි කාගේත් විශ්වාසය. කොහොම වුණත් අනූෂා තවම තමන්ගේ දෙවන මනමාලියන් කවුද කියලා නම් තීරණය කරගෙන නැහැ. කෙටි කාලයක් තුළ මේ සියල්ල සංවිධානය කරගන්න සිදුව ඇති බව තමයි අනුෂා කියන්නේ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close