Daily News
Trending

අනූජ් හැම තිස්සෙම මාත් එක්ක එන්ජෝයි කරනවා – දුෂේනි




අනූජ් සහ දුෂේනි කිව්වම බොහෝ දෙනෙක් කසු කුසු ගාන්නෙ මේ දෙන්නා පෙම්වතුන් බව කියමින්. කොහොම වුණත් ඒ කසුකුසුවල සත්‍ය අසත්‍යතාව අපිට දැන්ම කියන්න බැහැ. ඒවට තව කල් තියෙනවා.

දුෂේනි කියන්නෙ රූප සුන්දරියක්නෙ. ඇය පසුව රංඟනයටත් ප්‍රවිශ්ට වෙනවා. මේ දිනවල ඇය හුඟක් කාර්‍යබහුලයි. ඒ ඇය පළමු වතාවට රියැලිටි අත්දැකීම විඳිමින් සිටින නිසා. ඇයත් සමඟ රියැලිටි වේදිකාවේ දස්කම් පෙන්වන්නෙ අනූජ්. ඉතිං අර මං මුලින් කිව්ව කසු කුසුව ආයෙත් ඇතිවෙලා.

අනූජ් සහ දුෂේනි අතර තියෙන්නෙ මොන විදියෙ සම්බන්ධයක්ද? ඒ ගැන දුෂේනි කියන්නෙ මෙන්න මෙහෙම.

අනූජ්ව රියැලිටි වේදිකාවෙදි දුෂේනිගෙ පාට්නර් විදියට තෝරලා දෙන්නෙ රංඟන. අනූජ් දුෂේනිට හුඟක් සමීප නිසා වැඩ කරන්නත් පහසුයි. ඉතිං රංඟනගෙ තෝරාගැනීම සියයට සියයක්ම සාර්ථකයි. අනූජ් සහ දුෂේනි හැම තිස්සෙම ඉදිරිපත් කරන්නෙ ඒ දේ එන්ජෝයි කරනගමන්ලු. ඉතිං අනූජ් සහ දුෂේනි හැමතිස්සෙම එයාලගෙ කාර්‍යය එන්ජෝයි කරනවා. ඒ වගේම එයාලා බලන්නෙ අනිත් හැමෝම එක්ක සුහදව මේ ගමන යන්න.

අනූජ් සහ දුෂේනි අතර ආදර සම්බන්ධයක් තියෙනවාද කියන ප්‍රශ්නයට දුෂේනි දෙන උත්තරේ මෙහෙමයි.

” එහෙම දෙයක් තියෙනවද නැද්ද කියලා ඉදිරියෙදි හැමෝටම දැනගන්න පුළුවන්”.

මේ වගේ උත්තර දුන්නම ඉතිං අර කසුකුසු වැඩිවෙන එක තමයි වෙන්නෙ. කොහොම වුණත් මේ දෙන්නටම රියැලිටි වේදිකාවේ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Tags
Show More
Close