Daily News
Trending

අනූජ්, සම – හරක් කලාකරුවන් කියලා චෝදනා කරන්නේ කාටද?




අනූජ් රණසිංහ අලුතෙන් විකාශනය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යය සම්බන්ධයෙන් සිය සුභාසිංශන එකතු කරලා තිබුණා අපි දැක්කා.

තමන්ගෙ ෆේස්බුක් පිටුවෙන් මේ විදියට සුබපැතුම් එකතු කරන අනූජ් ඒ ගමන්ම පොඩි හින්ට් එකකුත් පාස් කරනවා.

ඇත්තටම කියනවා නම් මේ හින්ට් එක පොඩිත් නැහැ. වදින කෙනෙක්ට වැදියං කියලා හිතාගෙන පිහියෙන් ඇන්නා වගේ කියලා දාලා තියෙනවා කියලයි බැලූ බැල්මට නම් පේන්නෙ. අනූජ් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කණ්ඩායමට සුබපතලා තිබුණෙ මෙන්න මෙහෙමයි,

” සම-හරක් කලා කරුවන් උතුම් බුද්ධ ධර්මය රස්තියාදුවක් ලෙස දකින කාලෙක, හිරු TV ඔබ විසින් කරන්නා වු “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” ටෙලිනාට්‍ය ඉතාමත් විශිෂ්ටය.. දිගු ගමනකට සුබාසිංශන”

දැන් මෙතන සම – හරක් කලාකරුවන් කියලා අනූජ් නොකියා කියන්නෙ කාගැනද කියලා දන්නෝ දනිති.

මෑතකදි ලෝන්ච් කරපු එක්තරා පොතක් සම්බන්ධයෙන් බුදුදහමට අපහාස වෙනවා කියලා වාරණයක් පැනවුණානෙ. අන්න ඒ වෙලාවෙ මාධ්‍ය සාකච්ඡාවක් ඕගනයිස් කරලා මේ ක්‍රියාවට විරුද්ධව පෙනී සිටි කලාකරුවන්ව ඔයාලට මතකද? අනූජ් මේ නොකියා කියන්නෙ එයාලා ගැන වෙන්න ඕනෙ.

කොහොම වුණත් මෑතකදි ඉඳලා බුදුදහමට සහ බෞද්ධයින්ට පහරගැසීමේ කලාවක් නම් පෙනෙන්න තියෙනවා . එහෙම අවස්ථාවක ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නෙ නැතිව මේ තරමින් හරි කොන්දක් ඇතුව පෙනීසිටීම ගැන අපි සතුටු වෙන්න ඕනෙ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close