Daily News
Trending

අන්තිමට ලහිරුත් පැන්නා. Exclusive Photos & Videos

Lahiru Perera's Bungee Jumping




Lahiru Perera Exclusive from Starfiends.lk

දැන් පනින එක සිම්පල් වෙලා. එක එක ජාතිය පැනිලි තියෙනවානේ. දැන් ඔය දේශපාලනඥයෝ පනින්නේ වෙනම පැනිල්ලක්. ඒ පැනිල්ලට නම් හොඳට ගෙවනවා.

තව සමහර පැනිලි නම් හොඳට හිතල බලලා කරන්න ඕනේ. පැනිල්ල උත්පත්තියෙන්ම ප්‍රගුණ කළ ජීවී විශේෂයකට කියන නමක් තමයි ගෙම්බා. විවාහ වුණාට පස්සේ ඕනේ නැති ගමන් යනවට කියන්නේ කොටු පනිනවා කියලා. වැඩවලින් මඟ අරිනවට කියන්නේ කට්ටි පනිනවා කියලා. සමහරුන්ගේ ජීවිකාවත් පනින එක. ගාල්ලේ ගල් දෙබොක්කාවකින් මුහුදට පැනලා එදාවේල හොයාගන්න තරුණයින් අයිති වෙන්නේ ඒ පිරිසට.

මේ එක එක ජාතිය පැනිලි අතරේ ජොලියට පනින පිරිසකුත් ඉන්නවා. එයාලා තමන්ගේ ජීවිතයට අවදානමක් ගන්න කැමති මාරම ජාතියක්. උස තැනක ඉඳලා පොළොවට පනින මේ පැනිල්ලත් දැන් පුරුද්දට ගිහින්. සමහරු අභ්‍යාවකාශයට පනිනවා. තව සමහරු මහ මුහුදට පනිනවා. විල්ස්මිත් (Will Smith), ශාරුක් (Shahrukh Khan), කියන්නේ ඒ විදියට පැනපු අය. ලංකාවේ එහෙම පැනපු අය අතරේ උමාරියා (Umaria) වගේම ලහිරුත් (Lahiru) ඉන්නවා. තව අයත් ඇති.

ත්‍රාසජනක අත්දැකීම්වලට ෆේස් කරන්න තියෙන මේ වුවමනාව නම් ලේසි පහසු එකක් නෙමෙයි. ජීවිතය ගැන තියෙන සියලු බලාපොරොත්තු අතහැරලා ලහිරු ඕක්ලන්ඩ් හාබර් එකේ ඉහළ ඉඳලා මහා මුහුදට පනිනවා (Bungee Jumping) ලහිරුගේ කකුල් කඹ දාලා ගැටගහලා තියෙද්දී ඔහු මුහුද දෙසට නැඹුරුවෙලා එල්ලි එල්ලි ඉන්නවා. එහෙම පනින්න නම් පුදුමාකාර හිතේ හයියක් තියෙන්න ඕනේ. ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ලහිරු මේ බිහිසුණු පැනිල්ලේ වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) ගිණුමට එකතු කරලා තිබුණා. ඒක දැකපු හුඟක් අයට කලන්තේ හැදෙන තරමට භයානක ෆීලින් එකක් දැනිලා තිබුණා කියලා කමෙන්ට්ස් කියෙව්වාම වැටහෙනවා.

ලහිරුගේ මේ බිහිසුණු පැනිල්ල ඔයාලා පුරුද්දට එහෙම කරනවා නෙමෙයි. මොකද ඔහු මේක කරන්නේ පුහුණුව ලත් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ.

හිතේ හයිය තියෙනවා නම් මොනවාද කරන්න බැරි. ඕන නම් ඔළුවෙන් හිටගෙන ගැඹුරු මුහුදට වුණත් පනින්න පුළුවන්. එහෙම කිව්වාට බුදුඅම්මෝ මතක් වෙද්දිත් ඇඟ හීතල වෙනවා.

Lahiru Perera Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close