Daily News
Trending

අද වැනි දිනෙක හැර ගිය ජෝති…




1987 ජූලි 07 වැනිදාවක එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ ජනප්‍රියතම ගායකයා අවසන් ගමන් ගියේය.

අදත් මෙරට ජනතාව ගීතයෙන් පිනවන අමරණීය ජෝති මෙරට ගීත ගායන ඉතිහාසයේ බිහි වූ සුපිරි තාරකාව වන්නේය.

ඔහු ගායනා කළ ගීත සංඛ්‍යාව තේරුම් ගැනීමට උදාහරණයකින් මෙසේ සඳහන් කළ හැකිය. කිසියම් නාලිකාවක් පැය විසිහතර පුරා නොනවත්වාම ජෝති ගී පමණක් විකාශනය කළත් ජෝති ගායනා කළ ගීත අවසන් නොවේ. එතුමා අවසන් ගමන් යන්නේ එලෙස අති විශාල ගීත සංඛ්‍යාවක් ඉතිරිකොට තබාය.

චිත්‍රපට පසුබිම් ගායනයේදී සුවිශේෂී හඬ පෞරුෂයක් වූ ජෝති එඩී ජයමාන්න ගේ සිට විජය කුමාරතුංගලා දක්වා විවිධ පෞරුෂයන්ට පසුබිම් ගායනා කළේය.

ඉන්දීය තනුවලින් තැනුන ගීත ගායනා කළ නිසා එදවස සම්භාව්‍ය යැයි සැලකෙන විචාරකයන්ගේ විවේච්නයට ජෝති හසු වුවත් ඔහුගේ ගීත ජනතාව ආදරයෙන් වැළඳ ගත්තේ ය. මේ නිසා ජෝති ජනතාවගේ ගායකයකු ලෙස උපරිම ජනතා ආකර්ශනයක් දිනාගත්තේය.

1956 සිරිල් පී අබේරත්නගේ “සුරතලී” චිත්‍රපටයට “සිරියාමේ සාරා” ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ ඔහු පසු කළෙක චිත්‍රපට පසුබිම් ගායනයේදී නැතිවම බැරි හඬක් විය. එදවස චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වීමට ජෝතිගේ ගායන කෞෂල්‍යය ද සහේතුක විය.

සම්භාව්‍ය සිනමා කරු ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සංදේශය චිත්‍රපටයට පවා ජෝතිගේ කටහඬ යොදාගැනුන අතර සුනිල් ශාන්තයන් තනු නිර්මාණය කරමින් අරිසෙන් අහුබුදු රචනා කළ “පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා” යන ගීතය ගායනා කළේ ද ජෝතිය. එවන් පිරිසක් සමඟ ද කටයුතු කර ඇතො ජෝති ජනප්‍රිය තලයෙහි තබා පමණක් විචාරීම සුදුසු කටයුත්තක් නොවේ.

70 -80 දශකය වනවිට ජෝතිපාල නොමැති සංගීත සංදර්ශන ඵල රහිත ඒවා සේ සැලකින. ජෝති පැමිණෙනවා නම් සංගීත සංදර්ශන අතුරුසිදුරු නැතිව පිරී යන්නේය. එපමණ ජනතා ආකර්ශනය දිනූ ගායකයකු අද වනතුරු මෙරට පහළ වී නැත.

කිසිදා නොමියෙන ගීතාවලියක් මෙහි තබා අවසන් ගමන් ගිය එච් ආර් ජෝතිපාලයන් එතුමාගේ නික්මයාමෙන් වසර 31කට පසු මෙලෙස සෙනෙහසින් සිහිපත් කරමු.

 

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close