Daily News
Trending

අද වැනි දිනෙක බැසගිය සුපුන් සඳ – විජය නන්දසිරි මහතා වෙනුවෙනි…




කාලය, දින, සති ගතවන්නේය. ලෝකය ගමනකය. අප පසුකර යන මාවත, දුක සතුට බොහෝය. සසර ගමන අතර මඟ යළි යළිත් අප මුණගැසෙන්නේය. මේ ධර්මතාවට හිස නමා ඔහු යන්න ගොස් අදට වසර දෙකකි. ඒ විජය නන්දසිරිය. කවදාවත්ම අමතක නොවන සිනහවක හිමිකාරයයාය. හඬන මිනිසුන්ට පෙරලා සිනහව දුන් ජනහිතකාමියාය. ඔහුගේ මතකය පවා හදවතට ගෙන එන්නේ මිහිරකි. සැනසීමකි. මියගියත් ජනතාව පිනවීමේ කලාව ඔහු සතු විය. අද ඒ හඬ සිහිවී මුවගට සිනා එන්නේය. ඒ හඬ ඇසී අදත් දෙසවන් පිනවෙන්නේය. ඉතිං මේ සටහන තැබෙන්නේ ඔහු පිළිබඳ මතකය අවදි කිරීම උදෙසාමය. විජය නන්දසිරි කලාකරුවා ගැන අමුතුවෙන් අටුවා ටීකා අනවශ්ය වන්නේ ඔහුව නොහඳුනන ශ්‍රී ලාංකිකයෙක් ඇතැයි සිතිය නොහැකි නිසාය. වේදිකාවේත් සිනමාවේත් ටෙලිනාට්ය ක්ෂේත්රයේත් එකවිට දස්කම් පෑ බහුවිධ රංඟ කෞශල්යයෙන් හෙබි කලා කරුවකු වේ නම් ඒ ඔහුය. විටෙක ඔහු ගී කියයි. විටෙක ඔහු රඟ දක්වයි. විටෙක ඔහු නටයි. විටෙක ඔහු නට නටා ගී ගයයි. තවත් විටෙක ඔහු නටමින් රඟපාමින් ගී ගයයි. ඔහු එකී කුසලතාව ඇති අතලොස්සෙන් කෙනෙකි. විජයනන්දසිරි කලාකරුවාගේ අභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කීවේ මනමේ නාටකයෙහි මනමේ කුමරා වූ එතුමන්ව ප්රහසන රංඟන ශිල්පියකු සේ හඳුනාගැනීම බලවත් අපරාධයක් බවයි. වේදිකා නාට්ය සඳහා වැඩි වාර ගණනක් විදෙස්ගත වූ වේදිකා නාට්ය නළුවා වූයේ ඔහුය. 1976 දී කේ. ඒ ඩබ්ලිව් පෙරේරාගේ ශෛලාසනය චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තැබූ ඔහු, නෑදෑයෝ, යස ඉසුරු, සඳකඩ පහන, බංගලි වළලු, සසර සහ රේල්පාර යන චිත්‍රපටවලට තරුණ වියේදී රංඟනයෙන් එක් විය. මෑත කාලයේදී බහුබූතයෝ, ලෙෆ් රයිට් සර්, සිකුරු හතේ, සර් ලාස්ට් චාන්ස්, කිං හන්තර්, එතුමයි මෙතුමයි, සුහද කොකා වැනි හාස්යෝත්පාදක චිත්‍රපටවලට නැතුවම බැරි චරිතයක් ලෙස විජය නන්දසිරි පත් විය. රූපවාහිනී රංඟනයේදී ඔහුගේ කඩයිම බවට පත් වූයේ නෝනාවරුනි මහත්වරුනි මාලා නාටකයයි. ඊට අමතරව කතුර, යස් බොස් වැනි ප්රහසන ටෙලිනාට්ය රාශියක ඔහු මතක හිටින චරිත නිරූපනය කළේය. වේදිකාවේ ඔහු රඟපෑ නිර්මාණ ගණනින් සුවිශාලය. එදිරිවීර සරත්චන්ද්රයන් සෙවණේ වැඩුණු හොඳම ගෝලයා වූයේ ඔහුය. රංඟන ශිල්පිනී දේවිකා මිහිරාණී සමඟ සිය ජීවන ගමන ඇරඹූ විජය නන්දසිරි මහතා දරුවන් දෙදෙනකුට ආදරණීය් පියෙකු විය. ඔහුගේ නිරහංකාර ජීවිතය ගතවුණේ ගල්කිස්ස කලාපුරයේ නිවසකය. ජීවිතය මෙයාකාරය. අප ආපසු යා යුතුමය. වඩා වැදගත් වන්නේ ඉන්නා ටික කාලයේ අප කරන කියනා දේය. එය අපව සදාකල් ජීවත් කරවනු ඇත. විජය නන්දසිරි නම් වූ සුන්දර කලාකරුවා එලෙස තමාව ජීවත් කරවන්නට අවශ්ය කලමනා බොහොමයක් මෙහි තබා ගතින් පමණක් සමුගෙන ගියේය. ඔහුගේ මතක සදා අනුස්මරණීය් වන්නේ ඒ නිසාය

Show More

Related Articles

Close