Daily News
Trending

අද ඊයේ ෆීල්ඩ් එකට ආපු අය ඉස්සරහට යන ඉක්මන හිතාගන්න බෑ. – ශෂී ඇන්ජලීනා




නිරූපිකාවක්, නිවේදිකාවක් ලෙස කලා ලෝකයට අවතීර්ණ වුණ ශෂී ඊට පස්සේ රූප රචනා කලාවට පිවිසුණා. ඊටත් පස්සේ ඇය ටෙලි නාට්‍ය කලාවටත් ආවා. දැන් ශෂී ඇන්ජලීනා කියන්නේ ජනප්‍රිය නිළියක්.

මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු හතක් වුණත් ශෂී ටෙලි නිර්මාණ කලාවට එන්නේ සෑහෙන කාලයක් ගත වුණාට පස්සේ. රංඟනය වෙනුවෙන් කොයි තරම් කැපවීම් කළත් ලැබෙන අවස්ථා අඩුයි කියලා ඇය කියනවා. ඒකට ඇත්තම හේතුව මොකක්ද කියන්න ඇය දන්නේ නැහැ.

අද ඊයේ මේ ක්ෂේත්‍රයට පය තියපු අය හොඳ තැනක ඉන්නවා දැක්කාම ඒ අය ඒ තරම් ඉක්මනට ඒ තැනට ආවේ කොහොමද කියලා හිතාගන්න බැහැ කියලත් ශෂී කියනවා. හැබැයි ඇය එහෙම ඉදිරියට එන නවක ශිල්පීන් ගැන සතුටු වෙනවා. කාලයක් ෆීල්ඩ් එකේ සිටින කෙනෙක් හැටියට අපිත් ශෂීගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සතුට.

ශෂීට රංඟන කලා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසියම් කලකිරීමක් ඇති බවත් පේනවා. ඇය නම් කියන්නේ කැපවීමේ ප්‍රමාණයට අවස්ථා ලැබෙන්නේ නැහැ කියලා.

ශෂී හැමෝටම ආදරෙන් සැලකුවත් ෆීල්ඩ් එකේ සමහරු ශෂීට වෙනස්කම් කරනවා කියලත් ඇය කියනවා. ඇගේ දුරකථන අංකය පවා නොදී සිටින අය ඉන්නවා කියලා ශෂී කියන්නේ හරිම දුකෙන්.

මේ වගේ සුළු පිරිසක් අරියාදුවට සිටියත්, ශෂීට ආදරය කරන ආදරණීය සහෝදර කලාකරුවන් පිරිසක් ඉන්නවා. ඇය ඒ හැමෝම සිහිපත් කරන්නේ ආදරෙන්.

Tags
Show More
Close