Daily News

අතහරින්න කියලා ගෙදරිනුත් කියනවා.

මටයි අතහැරගන්න බැරි. ඒත් දවසක හැමදේම අතහරිනවා - ලෝචනා ඉමංෂි -




 

ලෝචනා ඉමංෂි තමයි මේ විදියට අතහැර ගන්න බැරිව ඉන්නෙ. ලෝචනා දැන් චූටි පුතෙකුගේ අම්මෙක්. ලෝචනාගේ හස්බන්ඩ් ලංකාවේ නැති නිසා දරුවගේ වැඩත් බලාගෙන රංඟන කටයුතුත් කරගෙන ඉන්න එක ලේසි නැහැ. ලෝචනාට ඒ හැම දෙයක්ම කරගන්න හැකියාව ලැබිලා තියෙන්නෙ පවුලේ අයගේ උපකාරය නිසා.

මේ අවුරුද්දේ ලෝචනා රඟපාපු ළමා චිත්‍රපටයක් තිරගත වීමටත් නියමිතයි. ඒ තමයි සුනෙත් මාලිංගගේ “තුන්වරක් තුන” ඊට අමතරව ලෝචනා රියැලිටි වැඩසටහනක් එක්කත් සම්බන්ධ වෙලා සිටිනවා. මේ කටයුතු එක්ක ලෝචනා ටිකක් කාර්‍යබහුලයි. දරුවත් එක්ක ලෝචනාට ස්වාමිපුරුෂයා සිටින රටට ගිහිං එන්න වුවමානව තිබුණත් ඒකට වත් වෙලාවක් නැහැ. ඉතිං ලෝචනාගේ ගෙදරින් නම් නිතරම කියන්නෙ දැන් රඟපෑවා ඇති කියලාලු. ඒ වුණාට ඉතිං ලෝචනාට නම් ඒ අතහැරීම හිතන තරම් පහසු එකක් නෙමෙයි. හැබැයි කවදා හරි දවසක ලෝචනාටත් ඒ තීරණය ගන්න වෙනවා. ඇය කියන්නෙ එහෙම.

Tags
Show More
Close