GossipsHollywood & Bollywood
Trending

අජේ දේව්ගන්ට චීන සම්මානයක්.-Exclusive Photos




අජේ කාජල් කියන්නේ බොලිවුඩ්වල සිටින අතිසාර්ථක රංඟන ශිල්පීන් යුවලක්. ඒ වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් බවත් කියන්න ඕනේ.

අජේ දේව්ගන්ගේ රංඟන දිවියේ සාර්ථකත්වය තවත් ඉහළට නංවාලමින් ඔහුට චීන සිනමා සම්මාන උලෙළකින් සම්මානයක් පිරිනැමී තිබෙනවා.

නළුවකුට අමතරව අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ලෙසද කටයුතු කරන අජේ දේව්ගන් මෙලෙස සම්මානයට පාත්‍ර වන්නේ “ඉන්දියා චයිනා ෆිල්ම් සොසයිටි” (ICFS) මඟින් 27 වැනි වරට සංවිධානය කළ සිනමා සම්මාන උලළේ දී.

එහිදී මෙම වසරේ තිරගත වූ RAID සිනමා නිර්මාණයෙහි තේමාව සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු වූ අතර එහි රංඟනය වෙනුවෙන් අජේ දේව්ගන්, විශිෂ්ටතම විදෙස් රංඟන ශිල්පියාට හිමි සම්මානය දිනාගනු ලැබුවා.

මේ සම්මාන උලළෙහි ඇති විශේෂත්වය වන්නේ ප්‍රේක්ෂක කැමැත්ත මත සම්මාන පිරිනැමීම. චීනයේ Foshan නුවරදී මෙම සම්මාන උලෙළ දින හතරක් තිස්සේ පවත්වා තිබුණා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close