Daily News
Trending

අකිල සජිත මාධවී ගැන අම්මා කියන කතාව..




අකිල සජිත මාධවී කියන්නේ ප්‍රවීන රංඟන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දරුවෝ තුන් දෙනා කියලා හැමෝම දන්නවනේ. සමහර ළමයි දෙමාපියන්ගේ නමින් ප්‍රසිද්ධ වෙනකොට මේ අය කළේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගත්ත එක. ඒක ඒ අය ගැන දන්න ඕනම කෙනෙක් කියන කතාවක්.

මේ දිනවල මේ තුන් දෙනා දිහාවට ලංකාවේ සියලුම මාධ්‍ය ඇහැ ගහගෙන ඉන්නේ කියලා කිව්වොත් හරි. මොකද මේ තුන් දෙනාගේම විවාහ උත්සව එකම දවසක පවත්වන්න තමයි මේ අය සුදානම් කරලා තියෙන්නේ. මේ දරුවො තුන් දෙනා ගැන ඔවුන්ගේ අම්මා, ඒ කියන්නේ කුමාරි මුණසිංහ කතා කරලා තිබුණේ බොහෝම ආදරෙන්. ඉස්සර ඉඳන්ම ඒ තුන්දෙනා හරිම එකමුතුයිලු. සමහර වෙලාවට නොතේරෙන භාෂාවලින් පවා කතා කර කර අම්මට හොරෙන් කතා කරනවලු. අද මේ තුන්දෙනා දිහා බලලා ඇය ගොඩක් සතුටු වෙනවලු.

ඒ වගේම ඇය තවත් කියලා තිබුණේ මේ තුන් දෙනා එකතු වුනාම ගෙදර කිසිම පාලුවක් නැහැ කියලා. සජිතගේ හා අකිලගේ පෙම්වතියන් මෙන්ම මාධවීගේ පෙම්වතත් ආවම ගෙදර සද්ද වලින් නම් අඩුවක් නෑ කියලා තමයි ඇය කියලා තිබුණේ.

Tags
Show More
Close